Trilingual Video Content Creation Competition

Submission Deadline

[wpcdt-countdown id="1552"]

Please read all the rules and guidelines before submitting your video creation

විෂය පථය

පහත සඳහන් මාතෘකා වලින් එකක් හෝ කීපයක් ආවරණය වන පරිදි තරඟකරුවන් තම වීඩියෝ අන්තර්ගතය නිර්මාණය කළ යුතුය.
සෑම භාෂාවකින්ම කාණ්ඩ දෙකක් යටතේ ජයග්‍රාහකයින් තෝරා ගනු ඇත.
  • දක්ෂතම කාණ්ඩය
  • ජනප්‍රියතම කාණ්ඩය
දක්ෂතම කාණ්ඩයේ ජයග්‍රාහකයින් විනිසුරු මඩුල්ලක් විසින් තෝරා ගන්නා අතර සමාජ මාධ්‍ය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කිරීම සලකා බලා ජනප්‍රිය කාණ්ඩයේ ජයග්‍රාහකයින් තෝරා ගනු ඇත.

කාල සටහන

18th August 2021 Midnight
තරඟය ආරම්භ වන දිනය

ත්‍රිභාෂා වීඩියෝ අන්තර්ගත නිර්මාණ තරඟය අගෝස්තු 18 ආරම්භ වේ.

12th September 2021 Midnight
ඉදිරිපත් කිරීමේ අවසාන දිනය

ත්‍රිභාෂා වීඩියෝ අන්තර්ගත නිර්මාණ භාර ගැනීම 2021 සැප්තැම්බර් 12 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

14 Sep. – 18 Sep. 2021
සැකසුම් කාලය

2021 සැප්තැම්බර් 14 සිට සැප්තැම්බර් 18 දක්වා කාලය තුළ අයදුම් කල වීඩියෝ සැකසුම් කිරීමේ ක්‍රියාවලිය සිදු කෙරේ.

19 Sep. – 25 Sep. 2021
අධ්‍යනය කිරීමේ සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාලය
26 September 2021 All Day
ජයග්‍රාහකයින්ගේ ප්‍රකාශයට පත්කිරීම

Winners will be notified on 26th September 2021

Prize Pool

LKR 0

Best Category

*For each language category.

LKR 5,000

1st Runner Up

LKR 10,000

Winner

LKR 3,000

2nd Runner Up

Most Popular Category

TECHNARRATOR

LKR 5,000

Winner

නිතර අසන ප්‍රශ්න

  • Tech Narrator ලංකාවේ සියලුම තාක්‍ෂණ ලෝලීන් සඳහා විවෘතය. ඔබට තනි හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැක. කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වීමේදී, වීඩියෝව අප වෙත යොමු කළ යුත්තේ නායකයා පමණි.
  • කෙසේ වෙතත්, එක් කණ්ඩායම් සාමාජිකයෙකුට, එක් කණ්ඩායමකට වඩා සම්බන්ධ විය නොහැක. එසේ කිරීම තරඟයට සුදුසුකම් නොලැබීමට හේතුවනු ඇත.
  • ඉහත දක්වා ඇති එක් මාතෘකාවක් පිළිබඳව ප්‍රේක්ෂකයන් දැනුවත් කරන හා සම්බන්ධ කරවන අයුරින්, මිනිත්තු 3-6 වීඩියෝ පටයක් සාදන්න.
  • ලැයිස්තුගත නොකළ වීඩියෝවක් (Unlisted Video) ලෙස ඔබේ වීඩියෝව Youtube වෙත උඩුගත කරන්න(Upload). (පියවර උපදෙස් හා මාර්ගෝපදේශන පොතේ ඇතුලත් වේ.)
  • Tech Narrator Entry Form එක නිසි පරිදි සම්පූර්ණ කර තරඟයට ඇතුළත්වන්න.
  • විනිශ්චය කිරීමේ නිර්ණායක පදනම් වනු ලබන්නේ,
    1. අන්තර්ගතය (60%)
    2. නිර්‍මාණාත්මකභාවය / නවෝත්පාදනය (20%)
    3. ඉදිරිපත් කිරීම (20%)
  • වඩාත් හොඳම වීඩියෝ ලැයිස්තු ගත කර අපගේ විද්වත් මණ්ඩලය විසින් විනිශ්චය කරනු ලබන අතර වඩාත් ජනප්‍රිය වීඩියෝ තරඟය සඳහා එම වීඩියෝ සමාජ මාධ්‍ය තුළ ප්‍රකාශයට පත් කෙරේ.
  • විනිශ්චය මණ්ඩලය විසින් ගනු ලබන තීරණය අවසාන තීරණය වනු ඇත.
  • වීඩියෝව අනුමත කර හෝ ප්‍රතික්ෂේප කර තිබේද යන්න සඳහන් කරමින් සියලුම තරඟකරුවන්ට විද්‍යුත් තැපැලෙන් පිළිතුරක් ලැබෙනු ඇත.
  • එක් තරඟකරුවෙකුට/ කණ්ඩායමකට ඉදිරිපත් කළ හැක්කේ එක් ඉදිරිපත් කිරීමක් පමණි.
  • ඔව්. නුසුදුසු අන්තර්ගතයන් තිබේ නම්, කර්තෘ අවසරයකින් තොරව ප්‍රකාශන හිමිකම ඇති ද්‍රව්‍ය භාවිත කර තිබේ නම්, වීඩියෝවේ කාලය පිලිබඳ ගැටළු තිබේ නම්, සුදුසු ආකෘති පත්‍ර නොමැති වීම හෝ සාමාන්‍ය මාර්ගෝපදේශ නොසලකා හැර තිබේ නම්, අපට ඔබේ ඇතුළත් කිරීම නොසලකා හැරීමට සිදු වේ.
  • ඔව්. වීඩියෝව ලබා දී ඇති සුදුසුකම් නිර්ණායකයන් යටතේ පවතින තුරු සහ ඔබ විසින්ම නිර්මාණය කළ වීඩියෝවක් නම්, ඉදිරිපත් කළ හැකිය. කෙසේ වෙතත්, ඔබ මීට පෙර පැවති හෝ දැනට පවතින වෙනත් තරඟ සඳහා ඇතුළත් කර ඇති වීඩියෝ ඉදිරිපත් කළ නොහැක.
  • ඔව්, ඔබට ඔබේ වීඩියෝ ව්‍යාපෘතිය ඔබේ සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට/ බෙදා ගැනීමට හැකිය.
  • ඔබට සෑම විටම IEEE Techno Meetup සමාජ මාධ්‍ය පිටු වෙත ළඟා විය හැකි අතර තරඟකරුවන්ට Whatsapp කණ්ඩායම් පරිපාලකයින්ට ඍජූ පණිවිඩ යැවිය හැකිය. සියලුම තරඟකරුවන් WhatsApp කණ්ඩායමකට එකතු කෙරේ. ඔබ ඔබේ ව්‍යාපෘතිය ඉදිරිපත් කර ඇත්නම් සහ WhatsApp කණ්ඩායමට ඇතුළත් කර නොමැති නම් IEEE Techno Meetup Facebook පිටුව හරහා සම්බන්ධ වන්න.
  • ඔව්, විශේෂ අවස්ථා වලදී තරඟකරුට තෝරාගත් භාෂාව හැර වෙනත් භාෂා භාවිතා කළ හැකිය.
    1. උදා: තෝරාගත් භාෂාවෙන් ප්‍රකාශ කළ නොහැකි තාක්‍ෂණික යෙදුම් භාවිතා කිරීම.
  • ඔව්, නමුත් ඔබගේ වීඩියෝපට අන්තර්ගතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට STEM විශය ක්ෂේත්‍රයට අදාල වෙනත් අනුමාතෘකාද සම්බන්ධීකරණය කරගත හැක. කෙසේනමුත් ඔබගේ වීඩීයෝවෙහි අන්තර්ගතය ප්‍රධාන වශයෙන් ඔබ පෙර තෝරාගත් මාතෘකාව මත පදනම් විය යුතුයි.

පොදු මාර්ගෝපදේශ

සුදුසුකම්

  • Tech Narrator ශ්‍රී ලංකාවේ සියලුම තාක්‍ෂණ ලෝලීන් සඳහා විවෘතය.
  • තනි වශයෙන් හෝ  කණ්ඩායම් වශයෙන් තරඟයට සහභාගී විය හැක.
  • ඉහත දැක්වෙන එක් මාතෘකාවක් යටතේ වීඩියෝ  පටය ඉදිරිපත් කල යුතු ය.
  • ඉදිරිපත්  කරන නිර්මාණය  කලින් පැවති තරඟ/තරඟ වලට ඉදිරිපත් කල නිර්මාණයක් නොවිය යුතු ය.

වීඩියෝ අන්තර්ගතය

වීඩියෝව,
  • මාතෘකාව යටතේ සාකච්ඡා කළ අන්තර්ගතය පැහැදිලි කරන කතනයකින්,
  • දිග විනාඩි 3-6
  • නිර්මාණ අන්තර්ගතයේ ප්‍රකාශන හිමිකම් ඇති කිසිවක් අඩංගු නොවන
  • අවම 720p ගුණාත්මක භාවයකින් යුත් ලැයිස්තුගත නොකළ වීඩියෝවක් ලෙස යූටියූබ් වෙත උඩුගත(Upload) කරන ලද
නිර්මාණයක් විය යුතුය.  

අයදුම් කිරීම

  • ඇතුළත් වීමේ පෝරමය අවශ්‍ය සියළුම විස්තර සමඟ නිවැරදිව පුරවා තිබිය යුතුය.

ඇගයීම

දක්ෂතම කාණ්ඩය

  • වීඩියෝවල ගුණාත්මකභාවය, උපදෙස් පිළිපැදීම වැනි මූලික නිර්ණායකයන් සැලකිල්ලට ගනිමින් ඇතුළත් කිරීම් කෙටි ලැයිස්තු ගත කෙරෙනු ඇත, කෙටි ලැයිස්තු ගත කළ ඇතුළත් කිරීම් වැඩිදුර ඇගයීම සඳහා විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කෙරේ. විනිශ්චය කිරීම අන්තර්ගතය, නිර්‍මාණාත්මක බව සහ ඉදිරිපත් කිරීම මත පදනම් වේ.

ජනප්‍රියතම කාණ්ඩය

  • තෝරාගත් වීඩියෝ සතියක් දක්වා සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත් කෙරේ.
ඡන්දයක් පිළිගැනීමට පහත කරුණු සපුරාලිය යුතුය:
Facebook Post එකට කැමැත්ත පලකල යුතුය
IEEE Techno Meetup Sri Lanka පිටුවට කැමත්ත පලකල යුතුය
**සවිස්තරාත්මක උපදෙස් සහ මාර්ගෝපදේශ සඳහා TechNarrator මාර්ගෝපදේශන පොත බාගත කර ගන්න.**

Example Videos

තොරතුරු සහ විමසීම්

  • IEEE Techno Meetup Sri Lanka වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය වැනි මාර්‍ගගත මාධ්‍ය හරහා තරගය පිළිබඳ සම්පූර්ණ තොරතුරු පැකේජ ලබා දෙනු ඇත.

  • තරඟ කාලසටහනට අනුකූලව තරඟය ප්‍රකාශයට පත් කරන දිනය ශ්‍රී ලංකා කොටසේ ප්‍රවෘත්ති පත්‍රයෙහි ප්‍රකාශයට පත් කෙරේ.

  • වැඩිදුර තොරතුරු සහ විමසීම් සඳහා: